මෙරට පූර්ව ළමාවියේ දරුවන්ගෙන් 64%ක් දිනකට විනාඩි 30කට වැඩි කාලයක් ජංගම දුරකථන හෝ පරිගණක තිර භාවිත කරන බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කුඩා දරුවන්ගේ දෛනික ඩිජිටල් තිර භාවිතය විනාඩි 30කට අඩු විය යුතු බවයි.
මේ අතර, දරුවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සැලකිල්ලට ගනිමින් පෙර පාසල් දරුවන් වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සහ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.













