එංගලන්තය සමඟ පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් පනවා තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළ පන්දුවාර තුනක් අඩුවෙන් යවා ඇති බවයි. ඒ අනුව තරග තීරක ජෙෆ් ක්‍රෝ විසින් මෙම දඩය පනවා තිබෙනවා.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මේ වනවිට එකට බින්දුවක් ලෙස එංගලන්තය ඉදිරියෙන් පසුවන අතර, දෙරට අතර දෙවැනි එක්දින තරගය අද (24) මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වීමට නියමිතයි.















