හපිපු ලෙබ්බේ මහමුදු රිපාඩ් මහතා අද (24) උදෑසන පාර්ලිමේන්තු මන්ත්රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ ඒ මහතා මෙලෙස දිවුරුම් දුන්නා.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා මහමුදු රිපාඩ් මහතා පත් කර තිබෙනවා.














