අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි.
අදාළ විවාදය අද සහ හෙට (25) පැවැත්වෙන අතර, හෙට පස්වරුවේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව තිබෙනවා.














