වැල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (23) සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 230ක්, රුපියල් 66,230ක මුදලක් සහ විදේශ මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.














