පොල්දූව මංසන්ධියේදී පැවති විරෝධතාවය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් එම අවස්ථාවට සහභාගී වූ පිරිස කිසිදු ලෙසකින් මත්පැන් පානය කර පැමිණි පිරිසක් නොවන බවයි.
වැසි සහ අපහසු කාලගුණික තත්ත්වයන්ද නොතකා, රටේ අයිතිවාසිකම් සහ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීම සඳහා ඉතා විනයානුකූලව මෙම විරෝධතාවයට ජනතාව එක් වූ බව ඒ මහතා එහිදී අවධාරණය කළේය.
















