ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මලල ක්‍රීඩා තේරීම් සිදුකිරීමේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ සිව්වැනි හොඳම කාලය වාර්තා කළ සුපුන් හංසජ ක්‍රීඩකයාගේ නම ඉවත් කර, පස්වැනි හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයා නම් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
සුපුන් හංසජ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස හෝ නම් කිරීමට මලල ක්‍රීඩා බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන්, පිරිමි මීටර් 100×4 සහාය දිවීමේ ඉසව්වට ශ්‍රී ලංකාව සහභාගි වීම ද අවිනිශ්චිත වී තිබෙනවා.
එම ඉසව්ව සඳහා මෑතකදී ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූ චමෝද් යෝධසිංහ ප්‍රමුඛ ක්‍රීඩකයින් සිවුදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව තිබුණා. එහෙත් එම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වීම හේතුවෙන් සහාය දිවීමේ ඉසව්වට සහභාගි වීමේ ගැටලුවක් මතුව තිබෙනවා.
අතිරේක ක්‍රීඩකයෙකු නම් කර නොතිබීම හේතුවෙන්, ඒ වෙනුවට මීටර් 110 කඩුලු පැනීමේ ක්‍රීඩකයෙකු හෝ මීටර් 400 සහාය දිවීමේ ඉසව්වට එක්වන ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට මලල ක්‍රීඩා බලධාරීන් සූදානම් වන බවට වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත්, සහාය දිවීමේ ඉසව්ව සඳහා ජපානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට වඩා හොඳ කාලයක් වාර්තා කර තිබූ සුපුන් හංසජ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස හෝ නම් නොකිරීම මෙම සිදුවීමේ විශේෂත්වයක්.
ක්‍රීඩා බලධාරීන්ගේ තීරණ හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවාසි සිදුවන බවට මීට පෙරද චෝදනා එල්ල වී ඇති අතර, මෙවැනි සිදුවීම් ඉදිරියේදීත් ඇති වුවහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවෙන් ඈත්වීමේ අවදානමක් පවතින බවට ද අදහස් පළ වී තිබෙනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















