සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළ ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් 107,093 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙයි.
එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 32,536කි. එය සැප්තැම්බර් 20 දක්වා වාර්තා වූ සමස්ත සංචාරක පැමිණීම්වලින් ආසන්න වශයෙන් 30%කි.
මීට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 7,906ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 7,393ක් මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මේ අතර, 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 20 දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,642,215ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එම කාලය තුළ ඉන්දියාවෙන් 418,019ක් සහ එක්සත් රාජධානියෙන් 157,895ක් පැමිණ තිබේ.














