පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ රෝහලේ මුළුතැන්ගෙය තුළ තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
පිපිරීමෙන් තුවාල ලැබූ රෝහල් සේවකයින් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
එම පිපිරීම හේතුවෙන් රෝහල් ගොඩනැගිල්ලටද දැඩි හානි සිදුව ඇති බව සඳහන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.
















