ඇමෙරිකාව සමඟ පවතින මතභේද සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දකුණු අප්‍රිකාව සූදානම් බව එරට විදේශ සබඳතා අමාත්‍ය රොනල්ඩ් ලමෝලා මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක්හිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, විදේශ ආයෝජකයන් සඳහා දකුණු අප්‍රිකාවේ පතල් ක්ෂේත්‍රයට ප්‍රවේශ වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරමින් සිටි බවයි.
එම සාකච්ඡාවලදී යම් ප්‍රගතියක් ඇතිව තිබූ අවස්ථාවක ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් දකුණු අප්‍රිකානු පුරවැසියන් සම්බන්ධයෙන් වීසා සීමා පැනවීම ප්‍රකාශයට පත් කළ බව ලමෝලා මහතා සඳහන් කර තිබේ. එම සීමාව කුමන පුද්ගල කණ්ඩායම් වෙත අදාළ වන්නේද යන්න රුබියෝ විසින් පැහැදිලිව සඳහන් කර නොතිබූ බවද Reuters වාර්තා කරයි.
කෙසේ වෙතත්, වීසා සීමා සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ “එකිනෙකාට එකට ප්‍රතිචාර දැක්වීමේ” ගැටුමකට යාමට තම රජය අපේක්ෂා නොකරන බව ලමෝලා මහතා පවසා ඇත. ඇමෙරිකාව වැදගත් උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස දකුණු අප්‍රිකාව සලකන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















