2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්‌යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුව දැනුම් දී තිබේ. ඒ අනුව බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතුය.
එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු TIN අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්‌තමේන්තුවේ ඊ-සේවා පද්ධතිය හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බව ද දැනුම් දී තිබේ. නොවැම්බර් 01 වනදා සිට අදාළ කාර්‌යයන් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















