හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (27) පෙරවරු 9.00 දක්වා වලංගු වේ.
ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 3.0ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත ප්‍රජාව මෙන්ම වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව ද අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුව ඉල්ලා සිටී.














