මව්වරුන්ගේ සහ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍ය සත්කාරයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා පරිජන්ම සංගමයේ 25 වැනි වාර්ෂික විද්‍යාත්මක සම්මේලනයේ සමාරම්භක උත්සවය සහ රිදී ජුබිලි සැමරුම අද (26) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
“ජීවිත රැකගැනීමෙන් ඔබ්බට – උසස් මාතෘ හා නවජාත සත්කාරයෙන් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් කරා යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම දෙදින සම්මේලනයේදී මව්වරුන්ගේ සහ නවජාත දරුවන්ගේ දිගුකාලීන යහපැවැත්ම ඉහළ නැංවීමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි. මෙහිදී වසර 25ක සේවය සනිටුහන් කරමින් විශේෂ සමරු කවරයක් සහ මුද්දරයක් එළිදැක්වීම මෙන්ම ක්ෂේත්රයේ විශිෂ්ටයන් වෙත සාමාජිකත්ව පිදීමද සිදු විය.
















