ගල්ෆ් කලාපයේ රටවල ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට ගරු කළ යුතු බවත්, කියුබාවට එරෙහි බලහත්කාර තර්ජන නතර කර එරටට පනවා ඇති අවහිරතා ඉවත් කළ යුතු බවත් චීනය ප්‍රකාශ කර තිබේ.
චීන උප ජනාධිපති හන් ෂෙන්ග් මහතා මෙම අදහස් පළ කර ඇත්තේ සැප්තැම්බර් 26 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමිනි. ඔහු සිය ප්‍රකාශයේදී ඇමෙරිකාව නමින් සෘජුව සඳහන් කර නොමැති බව Reuters වාර්තා කරයි.
මැදපෙරදිග ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල ස්වෛරීභාවය සහ ආරක්ෂාවට ගරු කළ යුතු බව හන් ෂෙන්ග් මහතා අවධාරණය කර ඇති අතර, ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීමේදී ප්‍රධාන රටවලට විශේෂ වගකීමක් පවතින බවද සඳහන් කර තිබේ.
මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මේ සතියේ පැවති හමුවෙන් දින කිහිපයකට පසුව වීමද විශේෂත්වයකි. එම සාකච්ඡාවලදී චීනය ඉරානයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බවත්, චීනය එසේ නොකරන බවට සහතිකයක් ලැබුණු බවට ඇමෙරිකානු තානාපතිවරයා සඳහන් කර ඇති බවත් Reuters වාර්තා කරයි.














