ඇමෙරිකාව සහ කියුබාව අතර ඉදිරියේදී එකඟතාවක් ඇතිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඇමෙරිකාව සහ කියුබාව අතර ගිවිසුමක් හෝ එකඟතාවක් ඇතිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
එමෙන්ම, කියුබාව සම්බන්ධයෙන් හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය වනු ඇතැයි තමන් නොසිතන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, දෙරට අතර එවැනි එකඟතාවක් ඇතිවන්නේ කුමන කරුණු සම්බන්ධයෙන්ද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු ට්‍රම්ප් විසින් අනාවරණය කර නොමැති බව Reuters වාර්තා කරයි.














