ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් අතර මෙම සතියේ පැවති සාකච්ඡාවකදී එරට මැතිවරණ සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ධවල මන්දිරයෙන් පිටත්ව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ රොඩ්රිගස් සමඟ මැතිවරණ පිළිබඳ සාකච්ඡා කළ බවයි. දෙදෙනා මීට පෙර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක්හිදී කෙටි හමුවකටද එක්ව තිබේ.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් රොඩ්රිගස් ප්‍රකාශ කර ඇත්තේ වෙනිසියුලාවේ මැතිවරණ පැවැත්වෙන බවයි. එහෙත් මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් ඇය ප්‍රකාශ කර නොමැත. එමෙන්ම විපක්ෂ කණ්ඩායම් සමඟ දේශපාලන සංවාදයක් ආරම්භ කර ඇති බවත්, සියලු දේශපාලන බලවේගවල සහභාගීත්වය සහතික කිරීමට කටයුතු කරන බවත් ඇය සඳහන් කර තිබේ.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ට්‍රම්ප් සහ රොඩ්රිගස් අතර සාකච්ඡාවේදී වෙනිසියුලාවේ විශාල රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දේශපාලන වෙනසක් පිළිබඳවද අවධානය යොමු වූ බවයි.














