ඉරානය විසින් Hormuz සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීම සහ ඇමෙරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා ඉදිරිපත් කළ දින හතක මාර්ගසටහන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සඳහන් කර තිබුණේ කටාර් මැදිහත්කරුවෙකු ලෙස යොදා ගනිමින් මෙම යෝජනාව ඇමෙරිකාව වෙත නිල වශයෙන් ඉදිරිපත් කළ බවයි. එහිදී දින හතක් ඇතුළත කලාපීය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම, ඇමෙරිකානු නාවික අවහිරය ඉවත් කිරීම සහ ඉරාන තෙල් අපනයන සම්බන්ධ සීමා ලිහිල් කිරීම වැනි කොන්දේසි ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
යෝජනාවට අනුව හයවන දිනයේදී Hormuz සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමටත්, හත්වන දිනයේදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබුණි.
කෙසේ වෙතත්, ට්‍රම්ප් මාධ්‍යවේදීන් අමතමින් ඉරානයේ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බව ප්‍රකාශ කර තිබේ. මේ අතර දෙරට අතර මැදිහත්කරුවන් හරහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පැවතියද, යෝජනාව සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වී නොමැති බව වාර්තා වේ.














