පාකිස්තාන – ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ ඩෙරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ දරාසින්දා ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා අනුව, මියගිය සහ තුවාල ලැබූ පිරිස අතර ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රේගු නිලධාරීන් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන්ද සිටින බව සඳහන් වේ.
පොලිස් මුරපොළක් වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් කඩා වැදීමෙන් පිපිරීම සිදුව ඇති බවට වාර්තා වන අතර, පිපිරීමට පෙර ප්‍රහාරකයින් සහ පාකිස්තාන ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවද සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහ ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.














