සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ සෞදි මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රේඩ් බින් අබ්දුල්ලා අල්-කුර්මයිලි (Raed bin Abdullah Al-Kurmaili) මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. රියාද් නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බවයි.
දෙරටටම පොදු වූ කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් දෙපාර්ශ්වය, දිගුකාලීන මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ යළිත් තහවුරු කර තිබේ. මෙම හමුව සඳහා දෙවන ලේකම් සහ චාන්සරි ප්‍රධානී දමිත්‍රි සමංගිකා යන මහත්මියද සහභාගී වී ඇත.















