අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සබඳතා ස්ථාවර කර ගැනීමේ උත්සාහයක් ලෙස, දෙරට අතර ඩොලර් බිලියන 60ක් වටිනා භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු අඩු කිරීමට එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර පසුගිය සතියේ වොෂින්ටනයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව ධවල මන්දිරය මෙම තීරණය නිවේදනය කර ඇත.
මෙම තීරුබදු සහනය යටතේ අමෙරිකානු ගල් අඟුරු සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙන්ම චීනයේ නිෂ්පාදිත සෙල්ලම් බඩු, මෝටර් රථ ආසන සහ උත්සව සැරසිලි ඇතුළු භාණ්ඩ රැසක් සඳහා අදාළ සහන හිමිවන බව වාර්තා වේ. මෙම පියවර මගින් දෙරට අතර නිරන්තරයෙන් මතභේදයට ලක්වූ වෙළෙඳ සබඳතා සාර්ථකව ස්ථාවර කර ගැනීමට අපේක්ෂා කෙරේ.















