ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ සිදු කළ වෙනම ප්‍රහාර දෙකකින් අවම වශයෙන් පලස්තීනුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. ගාසා නගරයේ ගොඩනැගිල්ලක වහලයක් මතට එල්ල වූ ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් ඇගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති අතර, මධ්‍යම ගාසා තීරයේ නුසෙයිරාත් සරණාගත කඳවුරට එල්ල වූ තවත් ප්‍රහාරයකින් තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නුසෙයිරාත් ප්‍රදේශයේ ඉලක්කයක් වෙත ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කළද, ගාසා නගරයේ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ. 2023 ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ මෙම ගැටුම් හේතුවෙන් පලස්තීනුවන් 73,000කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසනවා.















