තලවකැලේ නගරයේ ප්‍රධාන පාසලක 13 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා අතවර කිරීමට තැත් කළ බව කියන එම පාසලේම විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මෙම සැකකාර ගුරුවරයා විද්‍යාගාරයට පැමිණි සිසුවියට අසභ්‍ය දර්ශන පෙන්වා අතවර කිරීමට උත්සාහ කර ඇති අතර, සිසුවියගේ දෙමාපියන් තලවකැලේ පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.














