11 හැවිරිදි බ්‍රිතාන්‍ය චෙස් ක්‍රීඩිකා බෝධනා සිවානන්දන් ඉතිහාසයේ ළාබාලතම කාන්තා ග්‍රෑන්ඩ්මාස්ටර්වරිය බවට පත්ව තිබෙනවා.
ඇය මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ උස්බෙකිස්තානයේ සමර්කන්ඩ්හි පැවති 46 වැනි චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේදී එංගලන්තය නියෝජනය කරමින් දැක්වූ දක්ෂතා මතයි.
එහිදී එංගලන්ත කාන්තා කණ්ඩායමේ පළමු පුවරුවේ තරග කළ බෝධනා තරග 11කින් ලකුණු 8ක් ලබාගෙන ඇති අතර, කාන්තා ග්‍රෑන්ඩ්මාස්ටර් (WGM) තනතුර සඳහා අවශ්‍ය තුන්වන සහ අවසන් නෝර්ම් තරග ප්‍රතිඵලයද සම්පූර්ණ කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර වයස අවුරුදු 12දී මෙම වාර්තාව තබා තිබූ කැටරිනා ලැග්නෝ සහ හූ යීෆාන් අභිබවා යමින්, වයස අවුරුදු 11දී WGM තනතුර හිමිකරගත් ළාබාලතම ක්‍රීඩිකාව ලෙස බෝධනා ඉතිහාසයට එක්ව තිබෙනවා.
බෝධනා මීට පෙර 2026 බ්‍රිතාන්‍ය කාන්තා චෙස් ශූරතාවද ජයගනිමින් බ්‍රිතාන්‍යයේ ළාබාලතම කාන්තා චෙස් ශූරිය බවට පත්ව තිබුණා. ඇය ඉදිරියේදී සාමාන්‍ය ජාත්‍යන්තර ග්‍රෑන්ඩ්මාස්ටර් (GM) තනතුර හිමිකර ගැනීමේ අරමුණින්ද තරග කරමින් සිටිනවා.
















