මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියට අදාළව පොදු දේපළවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනා යටතේ නම් කර ඇති කාන්තා රැඳවියන් 25 දෙනා ලබන ඔක්තෝබර් 06 වනදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
අදාළ සිද්ධිය සම්බන්ධ නඩු කටයුතු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාන්තා රැඳවියන් 25 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මෙම නඩු විමර්ශන සිදු කෙරෙන අතර, සැකකරුවන් හඳුනාගැනීම සඳහා විවිධ පෙරට්ටු මේ වනවිටත් පැවැත්වෙමින් තිබෙනවා.
















