දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනි නිශාන්ත වික්‍රමසිංහට එරෙහි නඩුවක් ලබන ජනවාරි 19 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (29) නියෝග කළේය. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විමර්ශන කඩිනමින් අවසන් කර සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
ගුවන් යානා ගමනාන්ත වෙනස් කිරීමෙන් සහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ මුදල් අවභාවිත කිරීමෙන් රජයට පාඩු සිදුකළ බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. සැකකරු අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නඩුව යළි ජනවාරි 19 වන දින කැඳවීමට නියමිතය.
















