එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරයට (UNGA-81) සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි සහ නේපාල විදේශ අමාත්‍ය ශිෂිර් ඛානාල් යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. මෙම හමුවීම්වලදී අමාත්‍යවරුන් අතර කලාපීය වර්ධනයන්, දෙපාර්ශ්වයටම පොදු ප්‍රමුඛතා සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
මෙහිදී කලාපීය ස්ථාවරත්වය සහ සාමකාමී සංවාදයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති කැපවීම විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් විශේෂයෙන් යළිත් අවධාරණය කරනු ලැබීය.
















