මහ බැංකුව සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාව දෝෂ සහ අඩුපාඩු වලින් පිරී ඇති බව පවසමින්, ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට එළඹෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අභියෝග කර තිබේ. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රටේ මිලියන 22ක ජනතාව නොමඟ යැවීම සඳහා සකස් කරන ලද මුසාවාදවලින් පිරුණු ලියවිල්ලක් එය වන බවයි.
මෙම වාර්තාව තුළින් රටේ සැබෑ ආර්ථික තත්ත්වය වසා දමා වැරදි සිතුවමක් මවාපෑමට උත්සාහ කර ඇති බව හෙළි කළ ඔහු, ප්‍රධාන ආර්ථික දර්ශක සඳහා මෑතකාලීන දත්ත භාවිත කළද, සමාජ-ආර්ථික තත්ත්වයන් දැක්වෙන කොටස සඳහා භාවිත කර ඇත්තේ 2016-2019 කාලයේ පැවති යල් පැන ගිය දත්ත පමණක් බව පෙන්වා දුන්නේය.
















