ගලෙන්බිඳුණුවැව, රිටිගල කළුඇබේවැව ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුර හක්කපටස් 02ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සතුව තිබී අදාළ හක්කපටස් 02ක සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
වන අලි ඇතුළු වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කරන හක්කපටස් හේතුවෙන් සතුන් දැඩි වේදනාවකට ලක්ව මරණයට පත්වන බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙනවා. මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා හක්කපටස්, මදු සහ බඳින තුවක්කු සම්බන්ධයෙන් දෛනිකව වැටලීම් සිදුකරන බවද සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ ඔක්තෝබර් 01 වැනිදා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එවැනි නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් 1992 හදිසි දුරකථන අංකයට දැනුම්දෙන ලෙස වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















