මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම ඇතුළු අරමුණු කිහිපයක් යටතේ “රටම එකට” ජාතික මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් 2026 සැප්තැම්බර් 29 වැනිදා සිදුකළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් 706 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා, ගංජා පැළ, කුෂ්, හෂීෂ්, මත් පෙති, මෙතැම්ෆෙටමින් සහ මාවා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 705 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් දෙදෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
තවත් සැකකරුවන් 09 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති අතර, එදින සිදුකළ සමස්ත වැටලීම් සංඛ්‍යාව 706ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















