අද (30) වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ සුළු ඉහළ යාමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව බැංකු කිහිපයක ඩොලරයේ විකිණුම් මිල රුපියල් 334ත් 335ත් අතර මට්ටමක පවතිනවා.
NDB බැංකුවේ ඩොලරයේ විකිණුම් මිල රුපියල් 335.50 සිට රුපියල් 335.10 දක්වාත්, මහජන බැංකුවේ රුපියල් 335.28 සිට රුපියල් 334.67 දක්වාත් පහළ ගොස් තිබෙනවා.
කොමර්ෂල් බැංකුවේ විකිණුම් මිල රුපියල් 335.00 සිට රුපියල් 334.75 දක්වාත්, සම්පත් බැංකුවේ රුපියල් 335.00 සිට රුපියල් 334.75 දක්වාත් අඩු වී තිබෙනවා.
මේ අතර සෙලාන් බැංකුවේ ඩොලරයේ මිල ගණන් අද වෙනසකින් තොරව පවතින බව Newswire වාර්තා කරනවා.
















