නව ගෝලීය අධ්‍යාපන ප්‍රවණතාවලට ගැළපෙන ඉගෙනුම් පරිසරයක් පාසල් තුළ නිර්මාණය කරමින් අනාගතයට ගැළපෙන වෘත්තිකයන් සහ නවෝත්පාදකයන් බිහිකිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.
කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ ඉදිකෙරෙන උසස් පෙළ විද්‍යාගාර සහිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
රුපියල් මිලියන 180ක වියදමින් ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ල නවීන විද්‍යාගාර 3කින් සහ පන්ති කාමර 6කින් සමන්විත වන අතර, මාස 10ක් ඇතුළත එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේදී ප්‍රාථමික පාසල් 169ක් නව ගෝලීය ප්‍රවණතාවලට අනුකූලව සංවර්ධනය කිරීමට තෝරාගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
පාසල් අධ්‍යාපනය සහ පරිපාලනය ඩිජිටල්කරණය කිරීම, ඩිජිටල් අවකාශයේ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, උසස් පෙළට වෘත්තීය අධ්‍යාපන විෂයන් හඳුන්වාදීම සහ සිසුන්ගේ නවෝත්පාදන කුසලතා වර්ධනය කිරීම සඳහාද ඉදිරියේදී පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.
















