අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Six Flags Magic Mountain විනෝද උද්‍යානයේ ජනප්‍රිය රෝලර් කෝස්ටර් ක්‍රීඩාවක් වන X2 ස්ථිරවම වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත. මෙහි ගමන් කළ පුද්ගලයින් 100කට අධික පිරිසක් තමන්ට මොළයේ ආබාධ සිදුවූ බවට චෝදනා කරමින් නඩු පැවරීම සහ ඒ සම්බන්ධයෙන් වාර්තා පළවීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
පාරිභෝගික විශ්වාසයට බලපෑම් එල්ලවීම සැලකිල්ලට ගනිමින් එය ස්ථිරවම ඉවත් කිරීමට තීරණය කළ බව උද්‍යානයේ සභාපති Brian Oerding සඳහන් කර ඇත. කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥ සමාගමක් පවසන්නේ පුද්ගලයින් 400කට පමණ පිරිසක් තුවාල සිදුවූ බවට පැමිණිලි කර ඇති බවත්, ඇතැම් අයට හදිසි මොළයේ ශල්‍යකර්ම පවා අවශ්‍ය වූ බවත්ය.
















