ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාවට විවිධ සහන පැකේජ කිහිපයක් ලබාදීම සම්බන්ධයෙන් රජය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයන් හේතුවෙන් මතුවන බාහිර බලපෑම් මැද වුවද, ආර්ථිකය මනාව කළමනාකරණය කරමින් මෙම සහන ලබා දීමට කටයුතු කරන බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඔක්තෝබර් 12 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැය කතාවේදී මෙම සහන පියවර නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මීට අමතරව, අයවැයට පෙර ඉන්ධන සහන ලබා දීම ඇතුළු පියවර කිහිපයක්ම රජය විසින් දැනටමත් ක්‍රියාවට නංවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















