ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) විසින් අද (සැප්තැම්බර් 30) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය කර තිබේ. අදාළ සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 392.00 ක් දක්වාත්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 528.00 ක් දක්වාත් ඉහළ ගොස් ඇත. එසේම, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 414.00 ක් ලෙස දැක්වේ.
කෙසේ වෙතත්, ඔක්ටේන් 95 පෙට්‍රල් (රුපියල් 475.00) සහ භූමිතෙල් (රුපියල් 285.00) මිල ගණන් වල කිසිදු වෙනස්කමක් සිදු කර නොමැත.
















