අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන ජංගම දුරකථන යෙදවුම් (Mobile Apps) හරහා ක්ෂණික ණය ලබාගැනීමේදී අධික පොලී අනුපාත අය කරමින් ජනතාව දැඩි අපහසුතාවයට පත් කරන ජාවාරම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
අදාළ ආයතනවල කොන්දේසි පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ණය ලබාගැනීම හේතුවෙන් ජනතාව මෙලෙස ගැටලුවලට මුහුණ දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එබැවින් මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ණය මුදලක් ලබාගැනීමේදී එහි කොන්දේසි කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙසත්, පූර්ණ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමෙන් සිදුවිය හැකි මූල්‍ය අලාභ හා අපහසුතාවයන් මඟහරවා ගත හැකි බවත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















