2022 වසරෙන් පසු ගාසා තීරයේ මරණ සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් නිකුත් කළ පළමු නිල වාර්තාවට අනුව, 2025 වසර තුළ ගාසා තීරයෙන් මරණ 24,650ක් වාර්තා වී තිබේ. ඉන් සියයට 70.1ක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති අතර, සියයට 7.7ක් හෘද රෝග නිසා සිදුව ඇත. මියගිය පිරිසෙන් සියයට 73.4ක් පිරිමින් වන අතර කාන්තාවන් ප්‍රතිශතය සියයට 26.6කි. වැඩිම මරණ සංඛ්‍යාවක් ගාසා නගරයෙන් වාර්තා වී ඇති අතර, එය සමස්ත මරණවලින් සියයට 37.3කි.
මෙම වාර්තාවට අනුව, කුඩා දරුවන් අතර මරණ අනුපාතයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ අනුපාතය 2022 වසරේදී ජීවත්ව උපදින දරුවන් 1,000කට 13.6ක් වූ නමුත්, 2025 වසර වන විට එය 33.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
















