වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත 2026 සැප්තැම්බර් 30 වැනිදා උදෑසන හම්බේගමුව පොලිස් වසමේ ගෝමවල, මව්ආර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබේ.
එහිදී අක්කර භාගයක පමණ භූමි ප්‍රමාණයක වගා කර තිබූ ගංජා ගස් 47,150ක් සමඟ 53 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු උඩගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සහ ගංජා ගස් තොගය වැඩිදුර විමර්ශන සඳහා හම්බේගමුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හම්බේගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















