මාධ්‍යවේදීන් සඳහා නොමිලේ සංඥා භාෂා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය සැලසුම් කර තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන එම කාර්යාලය ඉදිරිපත් කළ යෝජනාවට ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, මෙම වසර අවසන් වීමට පෙර අදාළ පුහුණු පාඨමාලාව පවත්වා සහතිකපත් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ආබාධ සහිත තැනැත්තන්ට ජනමාධ්‍ය ඔස්සේ සිය සන්නිවේදන කටයුතු වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්.
එමෙන්ම, සංඥා භාෂාව ප්‍රධාන භාෂාවක් ලෙස පිළිගෙන ඇති පසුබිමක, රූපවාහිනී වැඩසටහන් සඳහා සංඥා භාෂා පරිවර්තනය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නියාමන වැඩසටහනක් ආරම්භ කිරීමටද ජාතික සභාවේ එකඟතාව හිමිව තිබෙනවා.
















