ගිරිතලේ වනජීවී පශුවෛද්‍ය ඒකකයේ කලාපය භාර පශු වෛද්‍ය නිලධාරී සමීර කළිඟු ආරච්චි මහතා ඇතුළු වනජීවී කාර්ය මණ්ඩලය විසින් කවුඩුල්ල ජාතික උද්‍යානය තුළ තුවාල ලැබූ වන අලියෙකුට ප්‍රතිකාර කර තිබේ.
අඩි 9ක් පමණ උසැති, වයස අවුරුදු 40ක් පමණ වන මෙම පිරිමි වන අලියාගේ ඉදිරි වම් පාදයේ ඉහළ කිහිල්ල ආසන්නයේ සැරව ගෙඩියක් ආසාදනය වීමෙන් තුවාල සිදුව තිබූ අතර, වනජීවී නිලධාරීන් විසින් ඊයේ දින මෙම අලියා නිරීක්ෂණය කර අදාළ ප්‍රතිකාර ලබා දී ඇත.
















