මෙරට ගුවන්විදුලි වංශ කතාවේ සහ සංගීත ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ප්රථම ගුවන්විදුලි විරිඳු ගායිකාව ලෙස සැලකෙන ශ්රීමතී පෙරේරා මහත්මියගේ කලා මෙහෙවර ඇගයීමේ විශේෂ අනුස්මරණ හමුවක් ජාතික ගුවන්විදුලි පරිශ්රයේදී පැවැත්වුණා.
1925 වසරේ ගුවන්විදුලි සේවය ආරම්භ වූ සමයේම උපත ලැබූ ශ්රීමතී පෙරේරා මහත්මිය සිය මධුර ස්වරයෙන් විරිඳු ගායනයට එක්වී තිබෙනවා.
එවකට බ්රිතාන්ය ආණ්ඩුකාරවරයා ඉදිරියේ ගී ගයමින් ඇගයීමටද ලක්වූ ඇය, වයස අවුරුදු 27දී අකාලයේ දිවියෙන් සමුගත්තද, ඇයගේ කලා මතකය අදටත් නොමැකී පවතින බව මෙහිදී සඳහන් කෙරුණා.
ශ්රීමතී පෙරේරා මහත්මියගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞෂල්යා ආරියරත්න මහත්මියගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා.
















