ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටිනවා.
ඉන්දීය ජනතා පක්ෂයේ (BJP) ආරාධනයක් මත සිදුකරන මෙම සංචාරයේ අරමුණ දෙරටේ දේශපාලන පක්ෂ අතර සබඳතා සහ අන්යෝන්ය අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම බව සඳහන්.
සංචාරය අතරතුර ශ්රී ලංකා නියෝජිත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස්. ජයිශංකර් මහතා හමුවී ඇති අතර, දෙරට අතර මිත්රත්වය ශක්තිමත් කිරීම සහ කලාපීය සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම ඉන්දියාවේ “Neighbourhood First” ප්රතිපත්තිය සහ “MAHASAGAR” දැක්ම යටතේ ශ්රී ලංකාවේ ප්රගතිය හා සමෘද්ධිය වෙනුවෙන් ඉන්දියාව අඛණ්ඩව පෙනී සිටින බව ජයිශංකර් මහතා එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.
ජවිපෙ නියෝජිත පිරිස ඉන්දීය ජනතා පක්ෂයේ ජ්යෙෂ්ඨ නායකයින් සහ දිල්ලි රජයේ ප්රධානීන් ද හමුවී මහජන කේන්ද්රීය පාලනය, රාජ්ය සේවා සහ සංවර්ධන අත්දැකීම් පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
















