බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉන්දියාව ඓතිහාසික ලකුණු හඹා යාමක් සිදුකළද, ගුවහාටි තණතීරුවේ පිතිකරුවන්ට පමණක් වාසිදායක තත්ත්වය පිළිබඳ ඉන්දීය ප්රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් විවේචනය කර තිබෙනවා.
එම තරගයේදී කොදෙව් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 405ක් රැස් කළ අතර, ඉන්දියාව කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය හඹා ගියා.
ඒ අනුව එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම සාර්ථක ලකුණු හඹා යාම වාර්තා කරමින් ඉන්දියාව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 2-0කින් ජය තහවුරු කර ගත්තා.
කෙසේවෙතත් ගම්භීර් පෙන්වාදී ඇත්තේ ලකුණු 800කට වැඩි ප්රමාණයක් වාර්තා වන මෙවැනි තරගවලදී පන්දුව සහ පිත්ත අතර නිසි තරගකාරීත්වයක් නොමැති බවයි.
විශේෂයෙන්ම ජාත්යන්තර මට්ටමේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට උත්සාහ කරන නවක පන්දු යවන්නන්ට මෙවැනි තණතීරු අසාධාරණ තත්ත්වයක් ඇති කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම එක්දින ක්රිකට් ක්රීඩාවේ පන්දු යවන්නන් මුහුණදෙන පන්දු සීමා, නව පන්දු දෙකක් භාවිත කිරීම සහ පිතිකරුවන්ගේ ආක්රමණශීලී පිතිහරඹය වැනි අභියෝගද ගම්භීර් පෙන්වාදී තිබෙනවා.
















