ඇමරිකාවේ Tennessee ප්රාන්තයේ මරණ දඬුවමට නියම වී සිටි Christa Pikeට lethal injection මගින් මරණ දඬුවම ක්රියාත්මක කිරීමට කළ උත්සාහයෙන් පසුවද ඇය ජීවත්ව සිටි බව වාර්තා වේ. ඇයට pentobarbital ඖෂධයේ මාත්රා දෙකක් ලබාදී ඇති අතර, පසුව ඇය වෛද්ය ප්රතිකාර සඳහා රෝහලකට රැගෙන ගොස් තිබේ. Tennessee Department of Correction ද ඇය off-site medical facility එකකට රැගෙන ගිය බව තහවුරු කර ඇත.
Christa Pike 1995දී සිය සමපන්තියේ ශිෂ්යාවක් වූ 19 හැවිරිදි Colleen Slemmer ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවමට නියම වී තිබුණි. ඇය එම ඝාතනය සිදු කරන විට වයස අවුරුදු 18ක් වූ අතර, මෙවර ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ දඬුවම Tennessee ප්රාන්තයේ වසර 200කට වැඩි කාලයකින් කාන්තාවකට ක්රියාත්මක කරන පළමු මරණ දඬුවම වීමට නියමිතව තිබුණි.
සිද්ධියෙන් පසුව Tennessee ආණ්ඩුකාර Bill Lee මහතා සිදුවූයේ කුමක්දැයි සොයා බැලීම සඳහා පුළුල් ස්වාධීන පරීක්ෂණයක් නියෝග කර ඇති අතර, 2026 වසරේ ඉතිරි මරණ දඬුවම් ක්රියාත්මක නොකරන බව ප්රකාශ කර තිබේ. Tennessee Department of Correction පවසන්නේ අනුමත execution protocol හි සෑම පියවරක්ම අනුගමනය කළ බවයි.
















