මෑතකදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුදු ජනතාවට යම් සහනයක් අත්වුවද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් ඩීසල් ලීටරයකින් රුපියල් හැට හයක සහ පෙට්රල් ලීටරයකින් රුපියල් පනස් දෙකක පාඩුවක් දරමින් සිටින බව එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අනාවරණය කරයි. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම සහ ආනයනික පිරිවැය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, රජය විසින් ලබාදෙන සහනාධාරය හැර ඉතිරි පාඩු ප්රමාණය ද දරාගනිමින් මෙම පාලන මිල යටතේ ඉන්ධන අලෙවි කිරීමට සංස්ථාවට සිදුව ඇත.
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ප්රතිශතයට සාපේක්ෂව මෙරට මිල ඉහළ නැංවීම සීමා කර ඇත්තේ පාරිභෝගික ජනතාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ල වීම වළකා ලීමේ අරමුණින්ය. කෙසේ වෙතත්, විදේශීය සැපයුම්කරුවන් තම මෙහෙයුම් සීමා කිරීම හේතුවෙන් සමස්ත ඉන්ධන අවශ්යතාවයෙන් අතිමහත් බහුතරයක් සපුරාලීමේ වගකීම ඛනිජ තෙල් සංස්ථාව වෙත පැවරී ඇති අතර, ඒ සඳහා මාසිකව දැරීමට සිදුව ඇති විදේශ විනිමය වියදම ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමක පවතියි.
මෙම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම ජාතික ආර්ථිකයට සහ ඛනිජ තෙල් සංස්ථාවේ මූල්ය ස්ථාවරත්වයට දැඩි අභියෝගයක් වනු ඇති බව ආර්ථික පෙන්වා දෙති. ඉදිරියේදී ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ වෙනස්වීම් මත පදනම්ව මෙරට ඉන්ධන මිල ප්රතිපත්ති සහ පරිභෝජන රටාවන් විධිමත් ලෙස පාලනය කිරීමට බලධාරීන්ට යළිත් තීරණාත්මක පියවර ගැනීමට සිදුවනු ඇත.
















