බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත අඛණ්ඩව සහ ආරක්ෂිතව ගුවන් ඉන්ධන සැපයීම තහවුරු කිරීමේ අරමුණින් ඇමරිකානු ඩොලර් මිලියන 40.84ක දැවැන්ත ආයෝජනයකින් නව නල මාර්ගයක් සහ ඉන්ධන ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.
බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතාගේ ප්රධානත්වයෙන් අනුමත කර ඇති මෙම ව්යාපෘතිය යටතේ මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ දක්වා කැපවූ ගුවන් ඉන්ධන නල මාර්ගයක් මෙන්ම ඝන මීටර් 92,000ක ධාරිතාවකින් යුත් නවීන ඉන්ධන ගබඩා ටැංකි සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය. ජාත්යන්තර තරගකාරී ප්රසම්පාදන ක්රියාවලියකින් අනතුරුව මෙම ව්යාපෘතියේ කොන්ත්රාත්තුව චයිනා පෙට්රෝලියම් පයිප්ලයින් ඉංජිනේරු සමාගම වෙත ප්රදානය කර ඇති අතර, මෙරට ගුවන් සේවා ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණාත්මක පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
දිවයිනේ ප්රධාන ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ඉන්ධන සැපයුම්වල පවතින අවදානම් සහ අස්ථාාවරතා මඟහරවා ගනිමින් අනාගත ගුවන් සේවා පුළුල් වීමේ අවශ්යතා සපුරාලීමට මෙමඟින් පුළුල්ඩ ඉඩප්රස්ථාව සැලසෙන බව ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති. ගෝලීය වශයෙන් ගුවන් සේවා සංචාරක ව්යාපාරය යළි ප්රකෘතිමත් වන පසුබිමක, මෙවැනි මූලික යටිතල පහසුකම් ශක්තිමත් කිරීම හරහා ශ්රී ලංකාව කලාපීය ගුවන් සේවා මධ්යස්ථානයක් ලෙස ස්ථානගත වීමට අවශ්ය පසුබිම සැකසෙයි.
මෙම ව්යාපෘතිය නියමිත කාලසීමාව තුළ කාර්යක්ෂමව නිම කිරීම මඟින් රටේ බලශක්ති ආරක්ෂාව තවදුරටත් තහවුරු වන අතරම, අනාගතයේදී ඇති විය හැකි සැපයුම් බාධක පාලනය කරගනිමින් ජාත්යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු කිසිදු තඩාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
















