එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්රමය වඩාත් සරල හා පහසු කිරීමට අවශ්ය වෙනස්කම් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
රේගු බද්දට අමතරව අය කෙරෙන වෙනත් බදු ක්රමානුකූලව ඉවත් කර බදු ක්රමය සරල කිරීමට අවශ්ය පියවර ගන්නා බවද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේය.
අනෙකුත් රාජ්ය ආයතනවලට අදාළ බදු ක්රමද සරල කිරීමට කටයුතු කරන බවත්, තොරතුරු තාක්ෂණ පද්ධති ආයතන සමඟ ඒකාබද්ධ කිරීම වේගවත් කරන බවත් ඔහු පැවසීය.
ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.
මේ අතර, 2026 වසර සඳහා ශ්රී ලංකා රේගුවට ලබාදී ඇති රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කයට මේ වනවිටත් ආසන්න වී ඇති බවද නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතා සඳහන් කළේය.
රාජ්ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී ජාතික තනි කවුළුවක් (National Single Window) හඳුන්වාදීමේ දිශාවට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
















