අමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරාන තෙල් ප්රවාහනය කරන නෞකා 20කට ආසන්න සංඛ්යාවක් මුහුදු සීමාවේ අතරමං වී ඇති බව වාර්තා වේ.
අදාළ නෞකා සඳහා ගමනාන්ත සොයා ගැනීම සහ තෙල් ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් මතුව ඇති බාධා හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන් වේ.
මේ අතර, ඉරාන තෙල් සම්බන්ධයෙන් අමෙරිකාව ක්රියාත්මක කරන සම්බාධක හේතුවෙන් කලාපීය ඉන්ධන සැපයුම් සහ ජාත්යන්තර වෙළෙඳ කටයුතු කෙරෙහිද බලපෑම් ඇතිවිය හැකි බවට අවධානය යොමුව තිබේ.
මෙම තත්ත්වය ශ්රී ලංකාවටද බලපෑම් ඇති කරන්නේද යන්න පිළිබඳවද අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
















