පාර්ලිමේන්තු කාන්තා සංසදයේ නියෝජ්ය සම සභාපතිනියන් වන චමින්ද්රානි කිරිඇල්ල සහ සමන්මාලි ගුණසිංහ යන මහත්මියන්ගේ ප්රධානත්වයෙන් පැවති මෙම විශේෂ රැස්වීමේදී, ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත්වන පාර්ශ්වයන්ට කඩිනම් මෙන්ම සැබෑ නීතිමය පිළියම් ලබා දීමේ යාන්ත්රණයන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මෙහිදී මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්රියාකාරී සංසදය (MWRAF) ඇතුළු සිවිල් සංවිධාන විසින් පවතින නීති රාමුව වෙනුවට යෝජිත නව පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් වැදගත් සංශෝධන ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර, ප්රචණ්ඩත්වයට ලක්වන වැඩිහිටියන් හා දරුවන් වෙනුවෙන් නීතිමය ක්රියාමාර්ග ආරම්භ කළ හැකි නිලධාරීන්ගේ පරාසය පුළුල් කිරීම, අයදුම් කිරීමේ ක්රියාවලිය සරල කිරීම මෙන්ම ආරක්ෂණ නියෝගවල පසු විපරම් විධිමත් කිරීම එහි මූලික අවධානයට ලක් විය.
ජාතික මට්ටමින් කාන්තා අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම නීති සම්පාදනයට පමණක් සීමා නොවිය යුතු බවත්, ප්රතිපත්ති සම්පාදනය සහ තීරණ ගැනීමේ ක්රියාවලීන්හි කාන්තා දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීමේ ජාතික අවශ්යතාව මෙහිදී තවදුරටත් අවධාරණය කෙරිණි. ගෘහස්ථ හිංසනයට එරෙහි නීතිමය ආවරණය වඩාත් විනිවිදභාවයකින් යුතුව ක්රියාත්මක කිරීමට අදාළ ඉදිරි ප්රතිසංස්කරණ ක්රියාවට නැංවීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට සහභාගිවන්නන් එකඟ වී ඇති අතර, මෙම නීතිමය සංශෝධන හරහා මෙරට පවුල් සංස්ථාව තුළ සිදුවන හිංසනයන් අවම කරමින් යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙේ.















