ශ්රී ලංකාවේ වෘත්තීය අධ්යාපන ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් ජාත්යන්තර සෞඛ්ය විද්යා ආයතනය (IIHS) මෙරට හෙද සහ සම සෞඛ්ය වෘත්තිකයන් වෙනුවෙන් ගෝලීය රැකියා සහ අධ්යාපන මාර්ග පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ලොව ප්රමුඛ පෙළේ විශ්වවිද්යාල සමඟ අත්වැල් බැඳගනිමින් ක්රියාත්මක වන මෙම වැඩසටහන හරහා, ජාත්යන්තර උපාධි අපේක්ෂකයින්ට දැරිය හැකි පිරිවැයක් යටතේ දේශීයව මූලික සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව උදා වී ඇති අතර, එය ශ්රී ලංකාවෙන් විදේශ විනිමය ඉපැයීමට සහ ගෝලීය ශ්රම වෙළඳපොළට සූදානම් කළ වෘත්තිකයන් බිහි කිරීමට බලවත් රුකුලක් වී තිබේ.
මෙමඟින් එක්සත් රාජධානිය, ඕස්ට්රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ඉහළම අධ්යාපන වියදම් සැලකිය යුතු ලෙස අවම කරගනිමින්, ‘ශ්රී ලංකාවේ අධ්යාපනය, ලොවට උපාධි’ යන සංකල්පය යටතේ මෙරට තරුණ තරුණියන්ට බාධාවකින් තොරව ගෝලීය සෞඛ්ය සේවා පද්ධති වෙත පිවිසීමට දොරටු විවර වී ඇත. දැනටමත් රජයේ හෙදියන් දහස් ගණනකගේ කුසලතා නංවාලීමට සහ ජාත්යන්තර රැකියා මාර්ග සාර්ථක කර ගැනීමට දායක වී ඇති මෙම ආයතනික ප්රවේශය, ඉදිරියේදී ජර්මනිය සහ ජපානය වැනි ප්රධාන පෙළේ ඉලක්කගත වෙළඳපොළවල් වෙත මෙරට සෞඛ්ය සේවා වෘත්තිකයන් යොමුකිරීමේ පුළුල් සැලසුම් සමඟ තවදුරටත් ශක්තිමත් කර ඇත.
රට තුළ පවතින ජනවිකාස වෙනස්කම් සහ බෝ නොවන රෝගවල වර්ධනයන් සමඟින් සෞඛ්ය සේවා ක්ෂේත්රයේ මූලික අවශ්යතා දිනෙන් දින පරිවර්තනය වෙමින් පවතින පසුබිමක, මෙම ජාත්යන්තර සූදානම් කිරීමේ වැඩසටහන් ජාතික ආර්ථිකයට සහ සෞඛ්ය අංශයට තිරසාර විසඳුමක් වනු ඇත. ඉදිරි කාලය තුළ මෙම ගෝලීය හෙද මාර්ග ක්රියාත්මක වීමත් සමඟ, ශ්රී ලංකාවේ සම සෞඛ්ය අධ්යාපන ප්රමිතිය ජාත්යන්තර මට්ටමට නංවාලීමටත්, ශ්රී ලාංකික වෘත්තිකයින්ට ලෝක මට්ටමේ රැකියා අවස්ථා උදාකර දීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙේ.
















