විශ්වවිද්යාල පද්ධතියේ පවතින ආචාර්ය හිඟය හේතුවෙන් 2025 උසස් පෙළ සමත් සිසුන් විශ්වවිද්යාලවලට ඇතුළත් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවිය හැකි බව විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.
FUTA ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කර ඇත්තේ විශ්වවිද්යාල පද්ධතිය නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ආචාර්යවරුන් 12,000ක් පමණ අවශ්ය වුවත් මේ වනවිට සේවයේ සිටින්නේ 5,000කට ආසන්න පිරිසක් බවයි. එමෙන්ම, පසුගිය කාලය තුළ විශ්වවිද්යාල පද්ධතියෙන් ආචාර්යවරුන් විශාල පිරිසක් ඉවත්වීම හේතුවෙන් මෙම හිඟය තවදුරටත් උග්ර වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, 2025 උසස් පෙළ ප්රතිඵල මත විශ්වවිද්යාල ප්රවේශ ක්රියාවලිය මේ වනවිට UGC මගින් ක්රියාත්මක කරමින් පවතින අතර, ආචාර්ය හිඟය හේතුවෙන් ඇතිවිය හැකි ප්රායෝගික ගැටලු පිළිබඳව FUTA අනතුරු අඟවා තිබේ.













